භූ තැටි සහ භූමිකම්පා (11 - 13 years) - (දිනය : 26.02.2023, වේලාව : පෙව 09.00 - පෙව 10.00)

Category : Online Workshops
Price Negotiable
-
+
18 more available

භූ තැටි සහ භූමිකම්පා 


වයස් කාණ්ඩයඃ අවුරුදු 11 - 13

පාඨමාලා කාලය: පැය 2 යි (පන්ති 2 ක් - එක් පන්තියක්  සඳහා පැය 1 යි)

මාධ්‍යයඃ සිංහල


දිනය : 26.02.2023

වේලාව :  පෙව 09.00  - පෙව 10.00 

 


පාඨමාලා විස්තරය:

අප වාසය කරන පෘථිවි කබොලේ භූ තැටි අවුරුදු මිලියන ගණනාවක් පුරාවට ලාවා මත පාවී එකිනෙක සමඟ ගැටෙමින් වෙන්වෙමින් අද පවතින ලෝකය නිර්මාණය වුණි. හිමෙන් වැසුණු හිමාලය වැනි කඳු පන්ති, සාගරය පතුලේ සැඟවුනු මරියානා වැනි ආගාධ, රාජාධානියක් පවා විනාශ කළ හැකි පොම්පෙයි වැනි ගිනිකඳු මෙන්ම දරුණු විපත් ඇති කරන භූමිකම්පා සහ සුනාමි සියල්ලම මේ ගැටෙමින් ඈත්වෙමින් පවතින භූ තැටි නිසා ඇතිවේ. එම සංසිද්ධි පිළිබඳව මෙන්ම මෙම ඒකකය යටතේදී පෘථිවි ව්‍යුහය, මහද්වීපික ප්ලවනය, භූ තැටි සහ ඒවායේ ක්‍රියාකාරීත්වය, ගිනිකදු ඇතිවීම, භූමිකම්පා සහ සුනාමි ඇතිවීම පිළිබඳ සාකච්ඡා කෙරේ. ඊට අමතරව සාගරය පත්ලේ සිදුවන භූමිකම්පාවක් මඟින් සුනාමියක් ඇතිවීම මෙන්ම වෙරළේ සිට භූමිකම්පාව ඇතිවූ දුර සමඟ සුනාමි රළේ වෙනස්වීම ආදර්ශණය කිරීමට නියමිතයි.


කරුණාකර මෙම පාඨමාලාවට සහභාගි වීමට පෙර අදාල දිනට සිදු කරනු ලබන ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය සියළුම ද්‍රව්‍ය ඔබ සතුව ඇති බවට සහතික වන්න.



Lecturer 


Sinera Ridmika




Please select your district and the city×